iranama
වැසිකිලි වළ ගෙට සම්බන්ධ නම් පරිස්සම් වන්න
වැසිකිලි වළක් හා ළිඳක් කියන්නේ පදිංචිව සිටින නිවෙසකට අවශ්‍ය දේවල් වුණත් නොගැළපෙන ආකාරයෙන් පිහිටීම ඉතා හානිකර දෙයක්. බල ගැන්වූ නිවෙසේ වර්ගයට මේවා සම්බන්ධ වීමත් ඒ වාගේම අයහපත් ප්‍රතිඵල ඇති කරන දෙයක්. මිදුලේ ඉඩකඩ අඩු තැන්වලදී හදලා තියෙන ඔබේ නිවාසය වෙනස් කරනවා නම් ඒ බොහෝම කල්පනාවෙන්.
මා අද ඔබට කියන්නේ එතරම් ඉඩකඩ නොමැති තැනක නිවෙසේ වෙනස්කම් කරන්නට ගොස් දෝෂ වුණු ආකාරයන් කීපයක් ගැන.
මීට අවුරුදු පහළවකට පමණ ඉහතදී අතේ ඇති මුදලට සරිලන ආකාරයට ඔවුන්ගේ ගේ හැදුවේ මූලික අවශ්‍යතා සියල්ලම සපුරා ගත හැකි ආකාරයට. ළිඳ, වැසිකිළි වළ ආදියේ පිහිටීම මුලදී කිසිදු ගැටලුවක් ඇති කළේ නැහැ. ටික කාලයකට පසුව නිවෙසට කරන ලද වෙනස්කම් මේ ආකාරයටයි දෝෂ ගෙන දුන්නේ.
1. වැරැන්ඩාවට යටවුණු
වැසිකිළි වළ
වැසිකිළි වළක් කපන්න ඕනේ ප්‍රේත පාදයේ. ඉදිකිරීම්වලට මෙම පාදය නොගැළපෙනවා වුණත් තියෙන ඉඩකඩ අනුව අද කාලයේ මෙය මඟ හරින්න බැහැ. ගේ ලොකු කරගන්න ගත්ත වැරැන්ඩාවට මොවුන්ගේ වැසිකිළි වළ යට වුණා. වැරැන්ඩාව කියන්නෙත් ගෙදරම කොටසක්. දැන් වැසිකිළි වළ නිවෙසට සම්බන්ධවයි තියන්නේ. නිවැසියන්ට ඇතිවෙන අසනීප තත්ත්වයත් මෙහිදී අනිවාර්යයයි.
සුළු සුළු අසනීප පමණක් නොවේ. ඇතැම් විට සැත්කම් පවා සිදුවීම මා දුටු වාස්තු ප්රත්යක්ෂයක්. මේ නිවැසියන්ටත් එසේම වී තිබුණා. කළ යුතු එකම පිළියම පස් දමා නිසියාකාරයෙන් වළ වසා දමා නිවැරැදි තැනක එය සැකසීමයි.
2. දෝෂ සහිත ළිඳ
කලින් ආකාරයටම තමයි ළිඳකින් දෝෂ ඇති වෙන්නෙත්. නිවෙස විශාල කිරීමට යෑමේදී ළිඳේ කොටසක් හසු වීමෙන් නැවත වරක් දෝෂ ඇති කරගෙන තිබුණා. උපයන මුදලින් නිසි පල ලබා ගන්නට නොහැකි වීම, නාස්තිය, ආර්ථික පිරිහීම්, ලෙඩ දුක් ආදිය මෙහි ප්‍රතිඵල. ළිඳ සම්පතක් වුණත් එසේ සිතා නිවෙසට බද්ධ කර ගැනීම විශාල දෝෂයක් වෙන්නේ මෙහෙමයි.
3. දෝෂ සහිත ප්‍රධාන ෙදාරටුව
මෙම ප්‍රධාන ෙදාරටුව පිහිටි ස්ථානය වාමාවර්තව ඇරීමත් සුදුසු දෙයක් නොවේ. උඩු මහල සාදද්දී පඩි පෙළ දමා තිබුණේ හරියටම ෙදාරට ඉදිරියෙන්.
පඩි පෙළක කොටසක්වත් ෙදාරට ඉදිරියෙන් නොතිබිය යුතුයි. ආර්ථිකය අඩාල වීම, හිතූදේ කරගත නොහැකි වීම මෙහි ප්‍රතිඵලයක්. ප්‍රධාන ෙදාර තිබූ දෝෂ සහිත ස්ථානයෙන් එය ඉවත් කළ හැකිව තිබූ නිසා පඩි පෙළෙන් වූ දෝෂය ඉවත් කළේ එය නොකඩායි.
4. නිවෙස ඉදිරියේ ඇති සෝදා යෑම
ප්‍රධාන ෙදාරටුව ඉදිරියෙන් මිදුලේ ඇති මෙම ස්ථානය පාවිච්චි කළේ එහා මෙහා යෑමට. වර්ෂාවෙන් කළු ගල් ගැලවී සෝදා පාළුවක ලක්ෂණ පිළිබිඹු කළා. මෙම ස්ථානය නිවැරැදි ආකාරයට කළුගල් බැම්මකින් සම්බන්ධ කර පසෙකට වන්නට යන එන පඩි පෙළ දැමීමයි කළ යුතු වූයේ.
මේ ආකාරයෙන් ඔබ නොදැනුවත්ව හෝ නොසැලකිල්ලෙන් කරන කටයුතුවලදී දෝෂයන් ඇතිවී දුක් විඳින්නේ නැති වෙන්නට කටයුතු කළ යුතුයි.
Wmqgd .ekSu u